තනිවී සිටින්නයි මා

Lyrics

තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ…..

ඔබෙ චේතනා අගනා මා සිත දනී අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ…..

Thaniwee thanivi thani vi sitinnai ma-Milton Mallawarachchi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists