කුන්ද සමන් මල්

Lyrics

කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනා
කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනා
නෙල්ලි කැලේ හැංගි ඉන්න කුමාරි
පින්න පිපුණු සීතේ එන්න සිනාසී
රංචු බිඟුන් සේනා කැන්ඳු සිනා
පුංචි සමන් මල් රොන් බින්දු සිනා

පිපි මල සේ , හිමිදිරියේ
ඔසරි පොටේ සුදු නෙරියේ
සිත දැවටේ සිලිසිලියේ

කුන්ද සමන් මල් මල් …

මට නොදැනී, මට අමතා
පටු නළලේ, කියඹුලතා
මුදු මුදු සේ, සැලෙන ලතා

කුන්ද සමන් මල් මල් …

Kunda saman mal – T. M. Jayarathna

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists