&

සමුගෙන යන්නෙමි

Lyrics

සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
අපෙ මතු දියුණ සොයා
සිතකින් නොව මා නැව් නැග යන්නේ
සිත ඔබෙ තුරුලේ තියා
ගතින් මෙතැන මම සිතින් ඔබගෙ ලග
කිසි දින වෙනස් නොවේ
ජීවිතයට නැත ඔබෙ සෙනහස වැනි
මිනිකිරුලක් මේ ලොවේ

සුදු මුදු වැල්ලේ මීදුම් තුරුල්ලේ
නැව ඇදීලා යනවා
මද පවනැල්ලේ සිත කැලබිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා

ප්‍රිය සුහදානනි මා සිරවූයේ
දුක්බර බිම් ගේකයි
ඔබෙ රුව නොපෙනි
කටහඩ නොඇසී
ගත සිත අවිවේකයි

වෙරලට දිලිසෙන විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අදුර කපාගෙන පහන් ටැබක් ලෙස
ඔබ මට දුරට පෙනේ

මටම ලැබෙන තෙක් සක්වල පාලන
දෙවියන් රැකදේවා
සසර සරන තුරු ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා

Samugena yannemi – Vernon Perera & Indrani Perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists