සඳ නැත බැබලෙන්න

Lyrics

සඳ නැත බැබලෙන්න නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ ඔබ නෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා පිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න

චංචල තිමිරි ලොවේ පහන් එළිය ඔබ වේ //
දෙනයන කැලුම් වැදී මගේ මුළු විජිතය එළිවේ
සඳ නැත බැබලෙන්න නොපෙනෙයි තරැ ගොන්න
සුනිල් සුලෝචනියේ ඔබ නෙත් හැර හිනැහෙන්න
සඳ නැත බැබලෙන්න

ඔබ මගේ සුදේහිනී ඔබ මගේ සුභාශිනී //
ඔබ මගේ සුජීවනී ඔව් ඔබ මගේ සුහාෂිනී

සඳ නැත බැබලෙන්න…..

Sanda /sada natha babalenna-J.A. Milton Perea

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists