මේ ගුරු පාරේ

Lyrics

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා .. අපේ රහස් ඇත ලියැවිලා

පටු මාවත්වල දුවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත්වල දුවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොලමත දිදුලන පෙන පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පාරේ……

ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත් ගෙන අප දෙඩු කතා බහ
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ ඉරට හදට ඇළ දොලට කතා බැහැ

මේ ගුරු පාරේ……

Me Guru Pare Me Dola Iyene Ape Rahas – W. D. Amaradewa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists