Sihinayaki oba nihada madiyam ra
&

සිහිනයකි ඔබ

Lyrics of Sihinayaki Oba

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සඳකි ඔබ මට
කිසිඳු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සඳුත් නැත තනි වී
එක ම අහසක හමුවෙලා
ලොව ම සසල ව බලා සිටියාවේ
යළිඳු අප ඇත ළං වෙලා

Sihinayaki Oba nihanda madiyam raa – Bandara Athavuda & Niranjala Sarojini sarojani

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists