මගේ දිනපොතේහී

Lyrics

මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත්වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී

මගේ දිනපොතේහී…..

පාසැල් සමේ අපි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටඹුන් පෙමින්
අපි වෙන්වෙමූ දෛවේ ලෙසින්

මගේ දිනපොතේහී…..

Mage dinapothehi ada raa -Chandralekha Perera

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists