සුවඳ දෙන මල් වනේ

Lyrics

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා
වේදනා දරා වේදනා දරා

සුවඳ දෙන මල් වනේ…..

මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටී
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා
කුලින් කුලේ රැඳෙයි
ආදරේ අමා හැඟුම්
මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි

සුවඳ දෙන මල් වනේ…..

Suwanda suvada suwada dena mal wane-Rookantha Rukantha Gunathilake

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists