උදාර ගති

Lyrics

සිදුවිය හැකි දේවල් කොයි මොහොතක සිදුවෙනවාද
එන දේට මුහුණ දෙමුද සූදානම කොහොමද හොඳ
කලයුතු දේ කොතරම් වෙද මිනිසුන් ලෙස
කරනා දේ හරියට දැන කලයුතු මය

ඉදිරියෙ ගැන හිතන්නෙ ඉදිරියෙ අය නොව අපිමය
දැන් දේ දැන් කරන්න හොඳ දේ කවදාත් හොඳමය
දිරිය දරන තැන ජය වේ හැම මොහොතෙම
මලක් වගේ සුවඳ හමයි එකමුතු තැන

හරි දේ හරි විදිහට අගයන්නට වෙයි හැමටම
ජීවිතේ අත්විඳින්න මෙය හඳුනාගත යුතුමය
උදාර ගති පෙරටම යයි නිරතුරුවම
නිවහල් බව ගීයකි හදවත සනසන

Udara gathi – Siduwiya siduviya Haki Dewal deval – Senaka Batagoda

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists