විකසිත පෙම් පොකුරු පියුම් | Vikasitha Pem

Lyrics

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ…
මගේ සොඳුරු ළඳුනේ…

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා…
ඔබට විරහ ගිනි නොගෙනේවා…

විකසිත පෙම් පොකුරු පියුම් ….

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා…
මැණික්‌ පහන් වැට දැල්වේවා…

විකසිත පෙම් පොකුරු පියුම් ….

Wikasitha vikasitha pem pokuru piyum – W D Amaradewa

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists