කුරුල්ලන්ට ගී ගයන්න

Lyrics

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ එන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න

ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එලන්න ඔබෙ කෙහෙරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

කුරුල්ලන්ට ගී ගයන්න…..

තණ නිල්ලට ඔබෙ දෙපතුල මොළකැටි බව දෙන්න
නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත්වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණිකෙ සිත පමණක් කිසිවෙකුටත් දෙන්න //
එපා මැණිකෙ, සිත පමණක් කිසිවෙකුටත් දෙන්න //

???? kurullanta gee gi gayanna-Victor Rathnayake

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists