ලෝකයේ රුදු නෙත් වසා | Lokaye Rudu Neth Wasa

Lyrics

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා
//

මා දෑස අවුරා ඔබ දෑස සඟවා
සහසක් නුවන් දැල්විලා
මා දෑස අවුරා ඔබ දෑස සඟවා
සහසක් නුවන් දැල්විලා
මේ රුදුරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා

ලෝකයේ රුදු නෙත් වසා …

රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ
පාළුව ගලා තනිවෙලා
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ
පාළුව ගලා තනිවෙලා
මා තැවෙන වෙලේ මේ පාළු කුටියේ
දැවටෙන්න සුවඳක් වෙලා..

ලෝකයේ රුදු නෙත් වසා …

Lokaye rudu neth wasa – T. M . Jayarathna jayarathne

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists