පෝයට ඇවිලෙන හඳක් වගේ උන්

Lyrics of Poyata Awilena

පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
දියණියනේ කිම මේ
මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ
පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
දියණියනේ කිම මේ
මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ

ඉහිරුණු කිරකට නාඬන් වැළහින්නක සේ
අකුරු කරන් යළි පිබිදී හිරු මඬලක් සේ
අකුරින් ජය ගෙන නුඹ රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ

පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
දියණියනේ කිම මේ
මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ

ගිලිහුණු කඳුළයි මතු මුතු වී බබළන්නේ
වැලක හැදුණ ගෙඩි වැලකට නෑ බරවෙන්නේ
අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ

පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
දියණියනේ කිම මේ
මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ

Poyata Awilena handak wage un – Karunarathna Divulgane

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists