කඳු පාමුල සිට

Lyrics

කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
කඳු පාමුල සිට දැහැනට සමවැද ….

Kandu Kadu Pamula Sita Lyrics – Athma Liyanage

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists