නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ

Lyrics

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ …

මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ …

Numbai nubai mamai humuwenna aye – Windy Goonuthilake Goonatillake gunathilaka

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists