ඔබේ සුසුම් පවන් සලයි

Lyrics

ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි


මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි

ඔබ හැගුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි

ඔබේ සුසුම් පවන් සලයි ….

Obe susum pawan pavan salai salayi – Dayan Witharana

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists