&

රන් පොකුණට දැන් ආමී

Lyrics

රන් පොකුණට දැන් ආමී
රන්සලු පිළිගෙන ආමී
රන් කලයෙන් දිය නාමී
රාජ කුමාරී මන්

අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ

විහිලූ කෙරූවෝත් තාත්තාට මා කියන්නම්
මම බය වෙයි කිව්වෝත්
බිත්තර කටුවක් සොයන්නෙමි මම //
මාගේ පසුපස්සෙන් අවතාරේ වගෙ එන්නේ
කිව්වොත් පිය රජුගෙන් කස පාරයි ලබෙන්නේ

අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ

රන් පොකුනට දැන් ආමී…..

තාත්තේ කිව්වා රොඩී කෙල්ල වාගේලු මන්
අනේ නෑ නෑ රජුනේ
පොළොව පැලෙන බොරුවකි ඔය කිව්වෙ //
කලයේ කට කැඩිලා වැරහැලි රෙදිපිළි ඇදලා
කිව්වේ අන්දරේමයි රොඩි ලදක් වාගේ මා කියලා

රජ කුමරියගෙන් මා ඇහැව්වේ
රන් පොකුණටදෝ යන්නේ
රන් කොතලෙද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ //

Ran pokunata dan ami rodi kella -Anjalin Gunathilake

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists