Sili Sili Seethala

සිලි සිලි සීතල | Sili Sili Seethala | Lyrics & Song

Lyrics of Sili Sili Seethala

සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ

මිහිදුම් සළුවේ දැවටී නැළවී
ලා දළු තේ පඳුරේ
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා

සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ

නිල් තණ පලසේ පිණි කැට දිලිසේ
මුතු පාවඩ අතුරා
සිතු පෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා

සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ

Sili Sithala Sethala – Raj Senevirathna Seneviratna Senevirathne

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists