Girimuduna Wetha Jiwithe

ගිරිමුදුන වෙත ජිවිතේ

Lyrics of Girimuduna Wetha Jiwithe

ගිරිමුදුන වෙත ජිවිතේ
හෙමි හෙමින්
හෙමි හෙමින් ඉහලට ඇදෙනවා
අත්වැලක් වත් නැති ව තනිවම
මහාගිරිදඹ නගිනවා
තාත්තේ මට පේනවා
නුඹේ පියවර අනුව හෙමිහිට
මාත් කරුණා කරනවා

මං මුළාවුණු සමනළුන් විත්
මගෙන් මඟ තොට අහනවා
මං කොහොම තොරතුරු කියන්නද
නුඹේ පියවර පානවා
නුඹේ පියවර පානවා

බීත කරවන සැඩ සුළං රළ
ඇවිත් දෑලේ හැපෙනවා
ඉන්ද්‍රඛීලය හිතේ ඇඳගෙන
ජිවිතේ අපි දිනනවා
ජිවිතේ අපි දිනනවා

ගිරිමුදුන වෙත ජිවිතේ
හෙමි හෙමින්
හෙමි හෙමින් ඉහලට ඇදෙනවා
අත්වැලක් වත් නැති ව තනිවම
මහාගිරිදඹ නගිනවා
තාත්තේ මට පේනවා
නුඹේ පියවර අනුව හෙමිහිට
මාත් කරුණා කරනවා

Girimuduna Wetha Jiwithe – Adithya Waliwaththa Weliwatta

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists