සීගිරි ලාලිත ළඳුනේ

Lyrics

සීගිරි ලාලිත ළඳුනේ
මා සිත ඔබ ළඟ රැඳුනේ
මල් මදහාසය පාලා
මදු සඳ සේදී සෝබා
ආවා දෝ සසරේ
යෞවනයේ පෙම් සිහිනේ
ඔබ රූ මා හද ඇඳුනේ
ආශාවේ සිත පාවේ
ඔබ වේ මා ලැබු ජීවේ
මා හද හිමි කුමරෝ
සීගිරි ලාලිත ළඳුනේ

දෙසවන රැව්දේ ඔබේ පෙම් ගීතේ
ආදර සිත පිබිදේ
ලවැලි තලාවේ මුදු මද පවනේ
ලවැලි තලාවේ මුදු මද පවනේ
පෙම් සුව දේ සොඳුරේ

සීගිරි ලාලිත ළඳුනේ…..

සෙනෙහස ඉතිරේ පෙම් යමුනාවේ
මා පැතුවේ ඔබ වේ
පැතුම් සඳැල්ලේ ඔබේ සුව සෙවනේ
පැතුම් සඳැල්ලේ ඔබේ සුව සෙවනේ
සඳු හිරැ මට ඔබ වේ

සීගිරි ලාලිත ළඳුනේ…..

sigiri lalitha landune ladune -Vijaya Kumaratunga wijaya

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists