Liyamuda Dan Anagathe

ලියමුද දැන් අනාගතේ | Liyamuda Dan Anagathe | Song & Lyrics

වරලේ මල් ගවසාන උන්නේ
මුහුණේ සඳ පෑයුවේ
දෙතොලේ රතු මල් යාය පිපුණේ
සිතුනේ සිපගන්නනේ
නුඹ ළඟ මා දැන් නිහඬයි ළඳේ
ලියමුද දැන් අනාගතේ

තුරුල්ව මා ලයේ ඉතින් ඉන්න
සඳ මාගේ හෙමින් හිනාවෙන්න
එක දවසක් අපේ නමින් වෙන්ව
එන්න අනේ දුරක් පියාඹන්න

අපි අපේ ආලේ ළඟ තෙමිලා
නැහැවෙමු තාලෙන් අපි පෙමිනා
ටික ටික ආ දුර දැන් ගෙවිලා
අපි දුටු හීනේ අපේ වෙලා

නුඹ ‍ළඟ මා දැන් නිහඬයි ළඳේ
ලියමුද දැන් අනාගතේ

තුරුල්ව මා ළයේ ඉතින් ඉන්න
සඳ මාගේ හෙමින් හිනාවෙන්න
එක දවසක් අපේ නමින් වෙන්ව
එන්න අනේ දුරක් පියාඹන්න

තුරුල්ව මා ළයේ ඉතින් ඉන්න
සඳ මාගේ හෙමින් හිනාවෙන්න
එක දවසක් අපේ නමින් වෙන්ව
එන්න අනේ දුරක් පියාඹන්න

Dinesh Gamage – Liyamuda Dan Anagathe

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists