Nura Sadak
&

නුරා සඳක් | Nura Sadak

Lyrics of Nura Sadak

ආලවන්ත දෑසේ – ඔය ආදරේ සිනාසේ
පෙම් සිතුම් සමීරේ – හිත ඈත මෑත පාවී
පියඹා යාවි හීනේ – හිරිමල් ප්‍රාර්ථනාවේ
උතුරා යාවි ජීවිතේ ම ඔබ ළඟ ඇසුරේ

නුරා සඳක් උදාවෙවී – නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී

පිනිබිඳු පිපෙනා සිහිලේ – ඔබ මහදේ දැවටී – සැරිසැරුවා මතකේ
රෑ සඳ කිරණේ තැවරී – එන සුළඟේ සැඟවී – ඔබේ පෙම් ගී ඇසුණි
කෞමදී පිපී සුගන්ධයෙන් උදම් වෙවී – ජීවිතේ අලුත් වෙවී තියේ ….

සුරඹුන් ආපු පාරේ – අපි යං චාරිකාවේ
තරුමල් යාය පේන මානෙ …. මන්දාකිණියේ

නුරා සඳක් උදාවෙවී – නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී

ජීවිතේ ප්‍රමෝදේ – නව හීනයක් හැබෑ වේ
රන් හසුන් තටාකේ – රඟදේවි මේ සුයාමේ
කිමිදී පෙම් රසෝගේ – හිරිමල් ප්‍රාර්ථනාවේ
උතුරා යාවි ජීවිතේ ම – ඔබ ලද ඇසුරේ

නුරා සඳක් උදාවෙවී – නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී

Nura Sandak (නුරා සඳක්) Bathiya Jayakody X Umaria Sinhawansa from The Movie “Sooriya Sulaga”

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists