Dethe Ellee Miyuru Katha Kee

දෑතේ එල්ලී මියුරු කතා කී

Lyrics of Dathe Elli Miyuru Katha Ki

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයෙ රියසක
මහලු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයෙ රියසක
මහලු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ

බොළඳ මියුරු බස් සවන් නිවා ලූ
කැකුළු සිනා රස සිත සනහා ලූ
බොළඳ මියුරු බස් සවන් නිවා ලූ
කැකුළු සිනා රස සිත සනහා ලූ
අතීත සිහිනය බොඳ වී දිය වී
ඈතට පාවෙන්නේ
ඈතට පාවෙන්නේ

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයෙ රියසක
මහලු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ

පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වළාවෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ
වැලිබත පාවෙන්නේ

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයෙ රියසක
මහලු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ

Dethe Elli Miyuru Katha Kee – W. D. Amaradewa amaradeva

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists