පොඩි දුවගේ සිනා වැලයි

Lyrics

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
//

කටු මැටි ගෑ බිත්ති පුරා
පලිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

කටු මැටි ගෑ බිත්ති පුරා
පලිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

පොඩි දුවගේ සිනා වැලයි …

ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතරතුරේ
මට නිම් නැති සුවය දැනේ

ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතරතුරේ
මට නිම් නැති සුවය දැනේ

පොඩි දුවගේ සිනා වැලයි …//

Podi duwage duvage sina welayi – Somathilaka Jayamaha

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists