සිනාසෙන තොල්

Lyrics

සිනාසෙන තොල් අතර මිමිනෙන
ප්‍රේම ගීයක තාළයයි
නැමීගෙන කැඩපතට නිති කෙහෙ

රැවුලු සකසන ලීලයයි

බලා ගෙන මඳ නල කියන්නේ එකම එක පද පේලියයි //

මගේ පුත මා නුඹේ අතැඟිලි
මුදාලිය යුතු කාලයයි

නුඹට ජීවය දිදී රැකගත්
නවාතන්පොල මා ළයයි
මවක හා පුතු බැඳෙන
රන් හුය ස්වභාදහමේ තාලයයි
දෙවන වර ජීවිතය දෙන්නේ
සොඳුරු ළඳකගෙ ආලයයි
එලඹ ඇත්තේ ඇගේ දෑසින්
ලොව බලන්නට කාලයයි

උපන්දා සත් පියුම් නොපිපුනි
එහෙත් අසිරිම යාමයයි
සදුන් ගැටයක් මිටේ නොතිබුනි
සුරතලින් දුක පාව යයි
එවන් නුඹ හෙට ඇයට පවරමි
නුඹෙ සතුට මගෙ හීනයයි
ඇය නිසා මම අත්හරින්නේ
සුරත නොව මගෙ ප්‍රාණයයි

සිනාසෙන තොල් අතර මිමිනෙන ….

Sinasena thol athara miminena – Nipuni Nayanathara

More from Admin

Uploaded by
12 followers

1 Comment

🎵 Music Queue Add songs & save playlists