කෙදිනද කූඩු හදන්නට

Lyrics

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ

බිඳුණු සෙනේ දළු ලියලාලා දිවි
වනපෙත ඒකාලෝක කෙරේ
මා පිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ

දෙපය දොවා පිණි දිය දොරේ පිය
බිරිඳක වූදා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රසමසවුළු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ

කෙදිනද කූඩු හදන්නට…..

Kedinada kudu hadannata enne – Niranjala Sarojini

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists