සරෝජා

Lyrics

මා තොටින් එන උතුරු හුළඟේ ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්නනද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ
….
කරවටේ අත දමා හිනැහුනු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතිං
වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩින්ගක් හිනැහියන්
මා තොටින් එන ……..
සරෝජා මගේ දෝණියේ

Saroja mage doniye – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists