ඒ දඬු පාලම

Lyrics

ඒ දඬු පාලම
කැඩී විසිරුණා
අරුමැසි ලෝකෙක
මා පා තැබූ දිනේ
මා පා තැබූ දිනේ

මහා සැඩ සුළඟට
උදුරාගෙන ගිය
නොනිමි අතීතය
උරුමය ලැබූ දිනේ
මා පා තැබූ දිනේ

ඉනිවැට පැනගෙන
සිදාදියට ගිය ගමනේ
ඉලන්දාරි හිත
මට අත හැරුණු දිනේ
ඒ දඬු පාලම
කැඩී විසිරුණා
අරුමැසි ලෝකෙක

දැනුනි මියෙන්නට
වියැකී ගිය ඒ
පා සටහන් මත
මගේ පා තැබූ දිනේ

මහා සැඩ සුළඟට
උදුරාගෙන ගිය
නොනිමි අතීතය
උරුමය ලැබූ දිනේ
මා පා තබූ දිනේ

Video – https://youtu.be/RXVI4Mes9Pg

Aa Dandu dadu palama kadi wisiruna – Thisara Weerasignhe

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists