තුඟු ගිරි කුළු සිප

Lyrics

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා //

මල් ගොමු සිප එන සිහිල් පවන් රොද තුරුලිය සනසවනා
මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු ….

ගලින් ගලට පැන කෙළිනා දිය කඳ හෝ හෝ හෝ නදිනා
මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නඟලා

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු ….

Thungu thubu thumbu giri kulu sipa – Dayan Witharana Vitharana

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists