කොළොම්පුරේ නුඹ ඉන්නා

Lyrics

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
//

දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලු
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලු
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු

කොළොම්පුරේ නුඹ ඉන්නා …..

වෙල් එළියේ වෑකන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලු
මගෙ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලු

කොළොම්පුරේ නුඹ ඉන්නා …..

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

Kolompure numba nuba inna isavve isawwe – Samitha Mudunkotuwa

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists