මා සුන්දර සිහිනයක් මැව්වා

Lyrics

රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක වේවි
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවි
පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගේ කර සිහිනයක් මැව්වා , ප්‍රියාදරියේ //

රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක වේවි
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවි

මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගේ කර සිහිනයක් මැව්වා , ප්‍රියාදරියේ ///

Ma sundara sihinayak mawwa mavva reya pahan kala – Nadeeka Jayawardana nadika

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists