සිල්ප සොදින්

Lyrics

සිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

සිල්ප සොඳින්…

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇල ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

සිල්ප සොඳින්…

Shilpa ශිල්ප silpa Sodin – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists