කී කිරිදිය ඇට නුලක අමුනා

Lyrics

කී කිරිදිය ඇට නුලක අමුනා
නැති බැරි කමටයි ගෙල බැන්දේ
බෝවිටියා දං හවුලේ කඩා කෑ
බාල වියේදි කල් බැන්දේ
මට පිටුපෑමට ඔබට දිරියදෙන
ඇට වැල කවුරුද ගෙල බැන්දේ
ඉසුරු වලට යට ගියාව යටකර
ඇයි දැයි නෑනේ හිත බින්දේ

ලන්දේ දෙනියේ කුඹුරේ හේනේ
අපේ ආදරේ මෝදුවුනා
යාන්තමට හරි මතකද ඉස්සර
කීව කථා රහසේ මුමුණා
කී කිරිදිය ඇට නුලක අමුනා
නැති බැරි කමටයි ගෙල බැන්දේ

නැති බැරි ලෝකේ දහක් පැතුම් මැද
ආදර මන්දිර ගොඩ නැගුනේ
සරු බර ලෝකය දෑත වනනු දැක
ඔබ මා හැර ඒ වෙත ඇදුනේ

කී කිරිදිය ඇට නුලක අමුනා …

Kee ki kiridiya ata nulaka amuna – T. M. Jayarathna

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists