මදු මල ලෙස

Lyrics

මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

අපමන සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

මදු මල ලෙස…..

හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුණ යොමන විට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

Madu Mala Lesa අපමණ මදු මල ලෙස මුදු – Milton Mallawarachchi

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists