බාලොලි බාලේ

Lyrics

බාලොලි බාලේ කෝමද ඊයේ
බාලොලි බාලේ කෝමද ඊයේ
ඔබ සුරතින් නම් මං හිටියා
බාලේදී වාගේ අද ඔබ නෑනේ
බාලේදී වාගේ අද ඔබ නෑනේ
ඔබ තරහින් සෙනෙහස බිඳිලා

මගේ හිත දුවගෙන ගිහින් ඊයේ දවසට. මං වඩාත් ආස කරන ඊයේට. ඒ ඇත්ත කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ

මගේ දඟ සිතුවිලි නුඹ හදුනා
මහ වැස්සේ අපි තෙමි තෙමි නැටුවා
දෙගුරුන් දඩුවම් විමසා සනසා
මගේ ළඟින් සැමදා උන්නා
යන එන හැම තැන දුක ළඟ සැප ළඟ
නුඹ මගේ ළඟ හිටියා,හිටියා බැලුවා

බාලොලි බාලේ…..

ඉර හඳ පෙරලී කාලය ගෙවිලා
නුඹ මාගෙන් කොටුමම පෙනී
සුරඟ බැදුම් කටුගා දමලා
දීගය අවසන් වෙන දින සෙව්වා
අයියන්ඩියේ මේ නංගිගේ පැදුරෙන්
වෙන් නොම වී මතුදා,මතුදා කිසිදා

බාලොලි බාලේ…..

Baloli bale – K. Sugeewa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists