&

පියමන් කෙරුවෙමු | Piyaman Keruwemu | Song & Lyrics

Lyrics of Piyaman Keruwemu

පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු
නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නිල් තණ පලසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි //
මල් නැටුමයි
කලගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇඳේවිද
මගේ දෑස තුල යලිත් ඇඳේවිද

පියමන් කෙරුවෙමු…..

නෙත කඳුලින් හසකැනින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මනමත් කළ //
මගෙ කෙලිලොල් විය ගෙවුණු වගයි
මා හැදු පාසැල් මවුනි දයාදර
මා හැදු පාසැල් මවුනි දයාදර

පියමන් කෙරුවෙමු…..

Piyaman පියමං keruwemu keruvemu -Somathilaka Jayamaha

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists