මින්දදයෝ ඇවිදින්

Lyrics

මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ //

බක් මී මල් පිපිලා සුවඳට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල්දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

මින්දදයෝ ඇවිදින් අහපන්…..

නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

මින්දදයෝ ඇවිදින් අහපන්…..

Mindadayo awidin avidin ahapan- Nirosha Virajini wirajini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists