Ekamath eka dawasaka එකමත් එක දවසක

එකමත් එක දවසක

Lyrics

එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

අහසේ ඈත කෙලවර
නිවි නිවී දිළෙනා
තරු පොකුරු වලට
අපි කවි කිව්වා
ජීවිතේ ගිම්හානයේ
අපි වස්සාන හීන මැව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සාගරේ ලවැලි වෙරළක
අපි සිතිජ ඉමට
සිත් පා කෙරුවා
අතරමං වූ ජීවිතේ
අපි මඟ සලකුණු සෙව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක …

Ekamath eka dawasaka davasaka – Niranjala Manjari

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists