ආනන්ද සාගරේ

Lyrics

ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ ඔබයි මාගේ ජිවනේ ඔබයි මාගේ ජිවනේ
විනෝදයි අපේ ජීවේ විනෝදයි ලියේ

ඔබ ගීතේ මා තාලේ ඔබයි සද අම්බරයේ මගේ ජීවේ ඔබ මුහුදය මා රල වේ ඔබයි මගේ නළගන දිවි සිනමාවේ //

නාමල් සුරුපියේ මගේ ජිවනාලියේ මගේ ජිවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ

ඉදුනිල වේ ඔබ සොදුරේ මගේ රන් මුදුවේ රශ්මිය ගැවසේ ඔබ සිල වේ මගේ පහනේ ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ //

මා ප්‍රිය දේහිනි සුභානි සුභාෂිනි සුභානි සුභාෂිනි
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ
ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ

Ananda Sagare Mage Manik Akare Lyrics – Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists