මිනිසෙකු පිට නැගි

Lyrics

මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී //

හෙට මම ගෙදරට සුර සැප දෙනවා අද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි ….

ඉරනම් විසදුම සතෙකුට දෙනවා තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා හීනෙන් නුඹ තව ගෙවල් හදනවා
මිනිසෙකු පිට නැගි අසරුවෙකි …. //

Miniseku Pita Nagi Asaruweki Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists