නිලම්ඹරේ

Lyrics

නිලම්ඹරේ සුදු පරවී රෑන් යන දිනක් උදා වේවා..
දොරට හසරැල් රැළි තෙරපෙන කලක් උදා වේවා…

උදෙන් ගලා ගිය ලෝහිත කදුලැලි සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල් වී ගිනිගත් ජනහද සහන සිසිල් සුවයෙන් සැනසී…

නිලම්ඹරේ ……

තුඩින් තුඩග සෙත් කව් ගී රැව්දී සවන් යුගල මිනි කඩොල් රැදී
පහන් හැගුම් සිත් අතර නිදන්වී නුවන් සගල උණු කදුළු සිදී….

නිලම්ඹරේ……..

Nilambare Sudu Parawi Ran Yana Dinak Uda Wewa Lyrics – Nanda Malani

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists