හන්තානේ කදු

Lyrics

හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්

තුන් මහලින් සැදි සරසවිපායේ මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ මිරිඟු සයුර විණි අතීතයේ
මිරිඟු සයුර විණි අතීතයේ

හන්තානේ කඳු මුදුන සිසාරා….

පාළු නිසංසල කඳුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ
අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ

හන්තානේ කඳු මුදුන සිසාරා….
Hanthane Kandu Muduna Sisara Pawanak Wi Ennam – W. D. Amaradewa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists