උන්මාදනී හැංගුණා

Lyrics

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා

මල් මී සුගන්ධේ නැළැවී වෙළී මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ, කෝ කොයිද රාධා උන්මාදනී

ගෝපීලියන් හා යමුනා තෙරේ අවුදින් මුලා වූ රාධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින් සංතාපයේ ලා පොද වෑහුනී
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදනී

උන්මාදනී හැංගුණා …..


Unmadani Unmadini Hanguna Haguna – Bathiya & Santhush BnS

මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists