එපා එන්න කියලා

Lyrics

එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ හිනා වෙන්න ආවත් ඇඩෙව්වේ ඔයානේ //
එපා එන්න කියලා

අතේ රන් රුවන් නෑ මැණික් මාලිගා නෑ
අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ
සෙනේ ගී ගයන මාගේ පොහොසත්කමක් නෑ
මැණිකේ වාගේ මට ලෝකේ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකේ දිව්රා කියන්නම්
එපා එන්න කියලා…..
හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා
එදා ආවේ හැමදාම එන්නම් සිතාලා
මැණිකේ ඇයිද කීවේ එපා යයි කියාලා //
මළත් ආදරෙයි මැණිකේ දිව්රා කියන්නම්
එපා එන්න කියලා…..

Epa Enna Kiyala Moko Manike Kiwe Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists