අතීතේ උන්න හැටි දෙන්නා

Lyrics

අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා
අහෝ මා නොකල දේවල් නෑ
ඔයාගේ ඒ ආදරේ සඳහා

එදා මගේ හිසට අත තියලා
ඔයා දිවුරා කියූ ඒවා
ගියාදෝ මතක නැතිවීලා
‍යලිත් එය ඔබට සිහිවේවා
කලාවූ සියලු හොඳ එනවා
මගේ පසු පස්සෙන්ම දැන් එනවා
අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා

මගේ අත රැගෙන මහා පාරේ
සිගාකෑමේද වුව එනවා
ලොවේ ඇති එකම සම්පත මා තමා යයි
අමතකද කීවා
එසේ කී සෑමදේ අද කෝ
කැපු ලී ගංගාවේ පා කෙරුවා
අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා

මලානික මාගේ හද මඩලේ
සදා දුක් වායු රැලි ආවා
පරාජිත ප්‍රේම සිතුවිල්ලේ
අදෝනා නාදේ නොඇසේවා
ගියාදෙන් සෑම දේ නැතිවී
සිටින්නම් තනියෙන්ම සැනසීලා

අතීතේ උන්න හැටි දෙන්නා…..

Atheethe unnu hati denna- J.A. Milton Perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists