ඔබ නෙතු මා හා රන්දා

Lyrics

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැළුම්
සැමට පිදෙන ඔබෙ නුරා බැලුම්
මුතු අතරින් එන මුකුළු සිනා බෝ
ආදර සිත කළඹයි
මා ආදර හද කලතයි

ඔබ නෙතු මා හා රන්දා…..

සසර සැරි සරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි

ඔබ නෙතු මා හා රන්දා…..

oba nethu ma ha randa- Vijaya Kumaratunga wijaya

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists