අඳුරේ මැදියමේ

Lyrics

අඳුරේ මැදියමේ නිදි වරා වැපිරූ සිහිනේ කඳුළු අතුරා පුළිඟු සැඟවූ සිහිනේ

මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න

සිහින අතැර ගිය ජීවිතේ මරණ ආගාධයේ තනිකමේ හිඳිමි මම ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ නොමළ සිත සමග තනිකමේ හිඳිමි මම ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරු ලෝකාන්තය මුදුනතේ මතක භශ්මයන් හද දරා හිඳිමි මම ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා අහිමි හුස්මකට ළය අයා හිඳිමි මම ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න.

Anduru Aduru Madiyame – Kasun Kalhara

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists