වසන්ත කාලෙට

Lyrics

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලිය පාවී
බැහැයි කියද්දී සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී
බැහැයි කියද්දී සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී

මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදී එළිවෙනවා නොදැනේ //

RAP

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
නැහැයි කියද්දී ඇවිටිලි කර කර සෙනෙහස ඉල්ලාවී
ප්‍රනීත මදිරා පෙරා පුරාදී උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී සවුදිය පිරුමට යෞවනයම අයදී
බැහැයි කියද්දී සවුදිය පිරුමට යෞවනයම අයදී

මේ පැහැදිලි සඳපානේ…..//

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි ළඟින්ම සැතපේවී
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී

මේ පැහැදිලි සඳපානේ…..//

Wasantha vasantha kaleta- Roshan Fernando

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists