අන්න බලන්

Lyrics

අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකං පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ //

පුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා
ලඳු දෙණි මැද දෙවැට දිගේ දොළපාරෙන් එගොඩවෙලා
මගේ හිතෙන් මං ආයෙත් පාසැල් යනවා

අන්න බලන් ඉදිකඩ ළඟ…..

එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයෙත් එන්නේ
මං නුදුටුව නව ලෝකයේ කිරුළුපලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩනඟපන්නේ

අන්න බලන් ඉදිකඩ //

පුංචි එවුන් නුඹ එනකං පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ
පුංචි එවුන් නුඹ එනකං පාර බලන්නේ

Anna balan indikada laga – Deepika priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists