Lyrics of Kalak Awamen
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවනැලි අතුරා
මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
ආදර දෙවොලේ සීනු හඬින්
මා සිත ඔබ වෙත කැඳවනවා
සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
Kalak Awamen English Transliteration
Film: Apeksha (1978)
F kalak aewamen perum pura
Sasandena pivithuru sitak soya
Sasara gewa a pathum puragena
Oba hamuvi nava kenek una
M kalak aewamen perum pura
Ma sitiya maga deneth aya
Sihina vimanen oba avidin ada
Ma hadavatha mal lowak kala
F Jeevithayaka senehasa bandila
Adarayaka sevenali athura
M Ma hadavatha visithuru karala
Andi sithuwam noma yai makila
Kalak aewamen…/
M Adara dewolae sinu hadin
Ma sitha oba wetha kadawanawa
F Seethala midum sela ira
Gatha davatagena ma enawa
Kalak aewamen…/
Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක), Milton Mallawarachchi


Comment